වැරැද්ද
වැරදි කරන උන්ට
තමන් කරන වැරැද්ද
තවෙකෙක් පෙන්වාදුන්විට
උන්,
වැරැද්ද හදාගන්නවා වෙනුවට
විලි ලැජ්ජාවක් නැතිව
ඒ වැරැද්දම
අනිත් උන්ටත් කරන්න යැයි
කියන අපූරුව
Links to this post Labels: මගේ කවි
යන්නම්....
අතීතයේ දවසක
හිත තුල තෙරපුණ
ඒක පාර්ශ්වික ප්‍රේමයක්
කියාපාන්නට සැරසුණ මොහොතක
ලොවට හොරා සැඟවගිය නුඹ
අහඹු මොහොතක දෑස් යාවී
කල්පයක් බඳු ස්වල්ප මොහොතක
මුවින් නොපැවසූ දහසක් දේවල්
සිතාගන්නට ඉඩ තබා
නාඳුනන කෙනෙකුගේ
දෑතේ පැටලී
යන්නම් කියා ගිය අපූරුව...
Links to this post Labels: මගේ කවි
අඳ ගොවියෝ
පැළ සිටුවා හදා වඩා
උදේ සවස වතුර දමා
නිසි කාලෙට පොහොර යොදා
අණ වින දොස් සැම පරදා
කල දවසත් ගෙවී ගිහින්
පුංචි පැළත් ලොකු ගස්වී
මල්බරවී පිරිපුන්වී
ඵලදාවෙන් අතු බරවී
හදා වඩා රැකගත් ඒ
මුල අමතකවූ ගස්වල දැන්
හිමි කාරයෝ සැම වටවී
තම රිසිසේ ඵල බුදිතේ
ගහෙන් හැදුණු තව අංකුර
පෙරදා මෙන් හදා වඩා
අඳ කුඹුරට ආල වඩන
මහමෙර වගෙ මවයි පියයි.....
Links to this post Labels: මගේ කවි
තරු ඇස්දෙක

තරු කැට දිඳුලන
ඇස්දෙක අරගෙන
යන්නම නුඹ පලයන්..
දඩාවතේ ගිය ඇස්දෙක එක්කොට
බැඳලා තියාගෙන
මම ඉන්නම්....
කිසිදා නොමැකෙන හදේ ඇඳුණු නෙතු
මගේ ම කරගෙන
සැමදා සිටින්නම්...
Links to this post Labels: මගේ කවි
සාපේක්ෂ දෘෂ්ඨිය
නිරුවත් දෑසින් නොදැක යතාර්ථය
පාට පාට කණ්ණාඩි තුලින්
අපි දකිනා මිත්‍යාව
*
*
*
A: මචං ඒක සුදු පාටයි නේ??
B: නෑ බන් ඒක කලු පාටයි
බොරුනම් මේක දාගෙන බලපන්
A: ඇත්තනේන්නම්
ඒක කලු පාටයිනේ...
A: මචං ඒක කලු පාටයි නේ??
C: නෑ බං ඒක සුදු පාටයි
බොරුනම් මේක දාගෙන බලපන්
A: ඇත්තනේන්නම්
ඒක සුදු පාටයිනේ....
Links to this post Labels: වර්ගීකරණය නොකළ
ඇතිවෙන්න තලපන්
උඩ පැන පැන උඹ තලපන්
මං ඔහේ බලා ඉන්නම්
මාව තැලෙද්දි උඹට හරි සතුටු ඇති
ඒත් උඹ දන්නෙ නෑ
උඹ තලන වාරයක් ගානේ මම මුවහත් වෙනව
හීනෙන්වත් හිතන්නෙපා
දවසක මම උඹේ ගෙල සිඳියි කියා,
උඹ ඒ තරම් මෝඩයි
උඹට පෙනේවි ඒ යකඩ මුවහතින්
මම මගේ ජීවිතය නමැති කැටයම කපන හැටි
අද වගේ ම හෙටත් තලපන්
ඇතිවෙනකම් සතුටු වෙයන්
මහන්සි නම් විවේකයක් ගනින්
මට බොරු අනුකම්පා එපා
*
*
*
නොසැලෙන මම
~~
Links to this post Labels: මගේ කවි
බොරළු පාර
දිනකට නොයෙක්වර
ඔබමොබ ගමන්කළ
ඒ බොරළු පාර අද
කොන්ක්‍රීට් තට්ටුවක්
දරා සිටින අන්දම...
නිරුවත් දෙපා යුග
විඳි කටුක වේදනා
සීරීම් ලප කැලැල්
ඇත තවම නොමැකිලා....
අතීතයේ බොරළු මතින්
නැඟී ආ දෙපා යුග
රෝද සතරක නැඟී
ඉගිලයන අපූරුව...
Links to this post Labels: මගේ කවි
කිරි කලේට ගොම ටිකක් වැටිලා
නැවුම් බවෙන් පිරිපුන්වී
රස පානය සැපයුම්කළ
පුරුදු පරිදි අද උදයෙත්
එකතු කළා කිරි කලයක්...
ඇති නොකියා තව ඉල්ලූ
කිරි ටිකටත් උන හදියක්
එපා කියා යන්නට යයි
වැටුන නිසා ගොම බිඳුවක්...
කුස ගිනි ඇති තවත් එකෙක්
ආවෝතින් කිරි ගන්නට
රසකර කර බොන්නෙ නැතැයි
දන්නේ නැතිව වැටුණ බවක්
කිරි කලයට ගොම බිඳුවක්....
Links to this post Labels: මගේ කවි
කිළිටිවෙච්ච කමීසය

මේ කමීස වැඩිකල් අදින්න බෑ
ඉක්මනට කිළිටිවෙන හැටි...
ඒ මදිවට කහට පැල්ළම් යවන්න ගිහින්,
දිරාපත් වෙලා
දැන් ඒකෙ පාටත් ගිහින්...
එකම කමීසෙ හැමදාම අඳින්න තිඹුණා නම්
ඔය සමහරු මැරෙණකම්ම එකක් අඳිනව කියන්
මටත් තව ඒවා එපා...
අනික ඔය ලාබෙට දෙන ඒවා
වැඩිකල් අඳින්න බෑ
ඒක මම අත්දැකීමෙන් ම දන්නව...
ඒත් මට මේක නම් තව වැඩි කළක්
අඳින්න බැරිවේවි..
අනික මට මේ කමීසෙ හරි යන්නෙත් නෑ..
එහෙමෙයි කියලා මෙතුවක් ඇඳපු මේක
කොහොම ගලවන්නද
මේක මට දැන් හොඳට ම ඇතිවෙලා තියෙන්
එක්කො මම කමීසයක් නැතුව ඉන්නවා..
ඒත්....????
Links to this post Labels: මගේ කවි







